domenica 22 novembre 2015

සාක්ෂරතා පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ වැරදියට අය - වැය කි රවීටද ,වැරදි අය - වැය ඇහුම් කන් දුන් විපක්ෂයටද?

සාක්ෂරතා පරීක්ෂණයක්  පැවැත්විය යුත්තේ වැරදියට අය - වැය කි රවීටද ,වැරදි අය - වැය ඇහුම් කන් දුන් විපක්ෂයටද?   
*********************************************************************************************************************

පසුගිය 19/11/2015 දින 2016 වර්ශයට අදාල අය - වැය වාර්තාව මුදල්

අමාත්‍ය රවී කරුණානායක. විසින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන 

ලදි.

එය එකිනෙකා කියවීමෙන් පසු එහි අඩු පාඩු එලියට එමින් පවතී. මෙය

කියවන මොහොතේ පාර්ලිමේන්තු සභාගැබේ සිටි බොහෝ දෙනාට

මුදල් ඇමති විසින් ඉදිරි පත් කල අය වැය නොවැට හෙන්නට වූයේ ඔහු

අය වැය වාර්තාව බලාගෙන කියවුවද එහි වචන, ඉලක්කම්  

උච්චාරණයේ තිබු පැටලවිලි සහගත බව නිසාය . එමෙන්ම සිංහල

භාෂාවට අලුතෙන් වචන එකතු කරන්න වූ නිසාය . එය අසා සිටීමට

තරම් තර්කානුකුල භාවක් ,හරවත්, ප්‍රියතාවයක් නොවූ අතර මුදල්

ඇමතිගේ අදෝනාව නිසාවෙන් අත තිබු අය - වැය වාර්තාව කියවීමට

පවා නොහැකි වූ බැවින් බොහෝදෙනා ඇලි මැලි ගතියෙන් නිදි

කිරනවාට වැඩ් යමක් දක්නට නොවිය .

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අත තිබු අය වැය වාර්තා පිටපතත්

රැගෙන සභාගැබෙන් එලියට එන්නට ඇත්තේ , රවීගේ නොතේරෙන

බහුභූත අය වැය අසා සිටීමෙන් ඇති පලක් නොවන නිසාත් ඉදිරි වසර

තුල අවධානයට යොමු කල යුත්තේ තමන්ට ලැබුණු අය වැය වාර්තා

පිටපත මිස රවිගේ ඉලක්කන් , වචන මාරු අය වැය නොවන බවත්

හොදින් වැටහුන නිසා විය හැක . එය කිසිවෙකුටත් නොවැටහෙන

බැවින් රටේ ජනතාව වෙනුවෙන් කැපවුන ඔහු නිහඩව විරෝදය පා අන්

අයට දැනෙන්නට හැරියා ද විය හැක .


කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ට නම් අය වැය

වාර්තා පිටපතක් ලබාදී ඇත .එහෙත් රට වැසියන්ට අසන්නට සිදු 

වුයේද රවිගේ පටලැවිලි සහගත භාෂාවෙනි . ඔහු විසින් අය වැය මගඩ්

වැසීමට රට වැසියන්ට නොවැටහිමට සැලැස්වීමේ අරමුණින් හිතා මතා

සිදුකලාක්ද එසේත් නැත්නම් සැබවින්ම ඔහුගේ නොහැකියාව මත

සිදුවුවාක්ද සැක සහිතය .


මේ වන විට අය වැය නොතේරෙන බසින් කීවද අය වැය වාර්තා කියවූ

 ඇමති වරුන්ගේ මුවින් එහි අඩංගු කරුණු එකිනෙක එලියට එමින්

 පවතින අතර ඊයේ දවසේ අය වැය පිළිබද මාධ්‍ය නැගු ප්‍රශ්න හමුවේ

 මැති ඇමති වරුන්ගේ අප්‍රසාදය ඵල විය .


මාධ්‍ය වේදින් මැති ඇමති වරුන්ගෙන් නැගු ප්‍රශ්න අතර සජිත්ගෙන් අසා

 සිටියේ ' රවී කි අය වැය පාර්ලිමෙන්තුවේ විපක්ෂයේ බොහෝ දෙනාට

 නොතේරීම' ගැන අදහස් දක්වන ලෙසයි.... එහිදී සජිත්ගේ හාස්‍ය ජනක

 පිළිතුර වුයේ කියවීමට නොදන්නා විපක්ෂයේ අයට සාක්ෂරතා 

පරීක්ෂණයක් තිබිය යුතු බවයි. රවී කොලයක් බලාගෙන කි දේ අන්

 අයට නිවැරදිව නොඇසුනේ රවිගේ ඇති සාක්ෂරතාවයේ දුර්වල තාවය

 මිස , එය අසා සිටීමට නොහැකි වුවන්ගේ දුර්වලතාව නොවන බව

 කියවීම හා ඇහුම් කන් දීම යන වචන දෙකෙහි වෙනස පවා වටහා

 ගැනීමට තරම් සජිත්ටද නොහැකි වී ඇත .

කෙසේ වෙතත් සජිත්ගේ මෙම යෝජනාව අය - වැය අසා සිටි 

මන්ත්‍රීවරුන්ට ක්රියාත්ම කරනවාට වඩා මුදල් ඇමතිට ක්‍රියාත්මක  කල 

යුතුව ඇත .එසේ නෙවේ නම් මීලග අය වයද මොහු විසින්ම කියවන්නේ

 නම් මැති ඇමති වරුන්ට පමණක් නොව රටේ සමස්ත ජනයාටම  අය - 

වැය වාර්තා පිටපතක් ලබා දිය යුතු 

වේ..



අනෙක් හෑල්ලුවට ලක්වෙන කරුණ නම් ආණ්ඩුවේ  බත් බලයන්  

ආණ්ඩුව  මොන  වරද කලත්  සුදු හුණු  ගැමය ..සමස්තයක් ලෙස ගත 

කල ඔවුන්ගේ අදහස නම් අය-වැය වාර්තා පිටපත සම මැති ඇමති 

වරයෙකුටම ලබා දී තිබු බවත්  , රවිගේ කතාව නොවැටහුණ යට එය 

කියැවීමට තිබු බවත්ය. රවිගේ අදෝනාවත් සමග යමෙකුට එදින 

පාර්ලිමේන්තුව තුල කියවීමට

 හැකියාවක් තිබේදැයි ආණ්ඩුවේ බත් බැලයන්ට නොවැටහෙන්නට ඇත

 ....මුදල් ඇමතිගේ අය වැය අදෝනාව නොඅසා මන්ත්‍රීවරුන්ට අය වැය

වාර්තා පිටපත කියවීමට කියන්නේ නම් රවී ඉලක්කං , අකුරු මාරු අය-

 වැය වාර්තාවක් පාර්ලිමේන්තුවේ දිග හරියේ කුමකටද ? මහා ජනතාවට

 ඇසෙන්නට සැලසුවේ කුමකටද ?ආණ්ඩුවේ බත් බැලයන් කිවද

 නොකීවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අය වැය වාර්තාව කියවනු ඇත

 ,එහෙත් රටේ සමස්ත මහජනතාව කියවන්නේ කුමක්ද රවිගේ

 පටලැවිල්ල අසනාවා හැර යන්න තවත් ගැටලුවකි .

එසේම මුදල් ඇමතිට එය කියවා ගැනීමේ සාක්ෂරතාවයක් නොමැතිනම්

 ,හෝ ආණ්ඩුවේ එය කියවීමට සුදුස්සෙක් නොමැතිනම් රටේ ජනතාවට

 බොරු නොකියා පාර්ලිමේන්තු කාලයද අපතේ නොදා තම තමන්ට එම 

වාර්තාව කියවීමට දැනුම් දුන්නේ නම් මිට වඩා හොද නොවේදැයි 

ආණ්ඩුවේ බත් බැලයන්ට නොවැටහීම කනගාටුවට කරුණකි.

අවසානයේ නොතේරෙන බසින් රවී කරුණානායක කි අය වැය අසා සිටීමෙන් රටේ ජනතාවටද පලක් නොවූ අතර එහි සත්‍ය එලියට එමින් පවතින්නේ අනෙක් මැති ඇමති වරුන් විසින් කියවන ලද අය වැය වාර්තාවෙහි අඩංගු කරුණු මාධ්‍යට දක්වන අදහස් අනුව පමණි.රවිට ඇති සාක්ෂරතාවයේ නොහැකියාව වහගන්න සුදුහුණු ගාන ආණ්ඩුවේ ඇත්තෝ විපක්ෂය වෙත එම ප්‍රශ්නයත් දමා ගැසීමෙන් මහා ජනතාවට ඉලක්කන් මාරු රවිගේ අය වැය වැටහෙන්නේ නැත .

මේ ඉලක්කන් , අකුරු මාරු අය-වැය හොර මගඩ් වසා ගැනීමට කල තවත් කූට උපක්‍රමයක් වන්නටද බැරි නැත ....එවිට ටික කලකට හෝ අය-වැහි නොතේරෙන අමුතු බැස දෙසට අවධානා යොමුවෙනවා මිස එහි අඩංගු හොර මගඩ් කතා නොකරනු ඇත ...මහා ජනතාව එහි අඩංගු කරුණු දන්නේද නැත . එම නිසා මහජනතාවට සහන නැති මේ අය-වැය ගැන සියලු දෙනා අවදියෙන් සිටිය යුතු කාලයයි..


**********************
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...