sabato 7 novembre 2015

රනිල් මෛත්‍රීගේ කන පැලෙන්න දෙයි- කැබිනට් එකට දහයක් රැස්වුනත් මගේ තින්දු වෙනසක් නෑ


රනිල් මෛත්‍රීගේ කන පැලෙන්න දෙයි- කැබිනට් එකට දහයක් රැස්වුනත් මගේ තින්දු වෙනසක් නෑ





විශේෂ කැබිනට් එකට දහයක් පැවැත්වුවද අගමැතිවරයා ලෙස තමන් ගත් තින්දු වෙනස් කිරිමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදේන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
යහපාලන ආණ්ඩුවම අර්බුදයකට ඇද දැමු ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා විශේෂ කැබිනට් රැස්විමක් ලබන් 10 වැනිදා පවත්වන් බවට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් එජාප අමාත්‍යවරුන්ට දැනුම් දි තිබේ.
ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති ලග්ගලදී පැවසු අතර රාජිත හා පාඪ්ළී කැබිනට් මණ්ඩලය තුල ලැජ්ජාවට පත්වු බවත් එම ලැජ්ජාව වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ කිහිප දෙනෙකු වගකිවයුතු බවටත් මෛත්‍රී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ යැයි කියන බත් බැලයන් සමග පවසා තිබේ.
මේ අතර සිය සහෝදරයාට සහ ප්‍රත්‍රයාට රිසිසේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යැම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරිමට ගත් තින්දුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරිමට කටයුතු කර තිබේ.
ඊයේ (06) පස්වරු 4.00ට පමණ අග්‍රාමාත්‍යවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා අදාළ ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස දැනුම් දුන් බව සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සදහන් කළා.
ඒ අනුව සභාපති තනතුර සඳහා අලූතෙන් පත්කර පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා එම කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.

.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

martedì 3 novembre 2015

රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ

රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ



රේස් පදින්න ලැම්බෝගිනි ඉල්ලු “අලුත් පරපුරට”ත් ජඩපාලනය අරහන් වේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාර සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් ‘අලූත් පරපුර’ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එහෙි වගකීම බරවන සේ නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන අලුත් පරපුර සංවිධානය යනු පසුගිය ජනාධිපතිවරණයේ දී පැවතුණු රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සිය ශ්‍රමය කැප කළ සංවිධානයකි.
අප මෙම නිවේදනය නිකුත් කරන්නේ පසුගිය දා (ඔක් 29) HNDA සිසුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය අප සංවිධානය කොන්දේසිවිරහිතව හෙලා දකින බව ප්‍රකාශයට පත් කිරීමට ය.
ස්වාධීන කලාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සැදුම් ලත් අප සංවිධානය ජනවාරි 8 වනදා දේශපාලන වෙනස වෙනුවෙන් වෙහෙස වූයේ පැවතුණු ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීතියේ ආධිපත්‍යය ගරු නොකරන, විනාශකාරී පාලනය වෙනස් කිරීම ඒ මොහොතේ මේ රටේ අනිවාර්ය අවශ්‍යතාව වූ බැවිනි.
කුමන හෝ හේතුවක් නිසා ජනවාරි අට වන දා රාජපක්ෂ රෙජීමය පරාජය නොවුණා නම් සමාජයක් ලෙස සේම රටක් ලෙස අප ඇදවැටීමට නියමිත ව තිබුනේ මේ මොහොතේ පවා අපට වටහා ගත නොහැකි තරම් ආගාධයකට ය.
ඒ නිසා අප ඒ මොහොතේ සිදු කළේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය තුළ වඩාත්ම නිවැරදි දේ බවට අපට දෙගිඩියාවක් නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අත්‍යන්ත ගැටලුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයන් බිහිවිය හැකි වීම ය. එය සීමා කළ හැකි වන්නේ සිවිල් සමාජ‍යේ සහ පුරවැසියන්ගේ සක්‍රිය දේශපාලන මැදිහත් වීම්වලින් පමණ ය.
වර්තමාන ආණ්ඩුව බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ප්‍රජාතාන්ත්‍රිකව පරාජය කරමිනි. ඒ සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි කොටස එම බලවේගයන්ට හිමි වන්නේ සිවිල් සමාජ සංවිධාන හා සක්‍රිය පුරවැසියන් ගේ අසීමිත මහන්සිය තුළිනි.
එසේ බලයට පත් වූ මෙම ආණ්ඩුව දැන් දැන් හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එය බලයට පත් වූ තත්ත්වය පිළිබඳ වන මතකය ගිලිහෙමින් තිබෙන බව ය.
එසේනම් එම මතකය අවදි කිරීම සිවිල් සමාජයේ වගකීම කි. මීට වසරකට පමණ පෙර ලාංකීය දේශපාලන කතිකාව තුළ මෛත්‍රීපාල සිරිසේන යනු ජනාධිපති අපේක්ෂකයා වීමේ විකල්පයක් නොවේ.
නමුත් දැන් ඔහු ලංකාවේ ජනාධිපතිවරයා ය. දේශපාලනයේ හැටි එහෙම ය. එය අතීරණාත්මක ය. දේශපාලනයේ ඇති සෞන්දර්යය ද එයයි.
රාජපක්ෂට තවමත් යම් දේශපාලන හැකියාවක් පවතින නිසා මේ ආණ්ඩුව සිදුකරන ඕනෑම දෙයකට සිවිල් සමාජය බරපතළ විරෝධයක් නොදක්වා සිටී යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය ඔවුන්ට සිදුවන බරපතල අත්වැරැද්දකි.
ඒ අත්වැරැද්ද විසින් නුදුරු දිනෙක මේ ආණ්ඩුව පරාජයට පත් කරන්නට ඉඩ ඇත.
29 වන දා ශිෂ්‍ය වි‍රෝධතාවයට පොලීසිය විසින් එල්ල කල නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වහාම වග කිව යුතු සියල්ලන්ට නිසි දඩුවම් පැමිණවීම සිදු කළ යුතුව ඇත.
මේ සදහා අභිනවයෙන් පත් වූ ස්වාධීන පොලිස් කොමිසමට ද විශාල වගකීමක් ඇත. එහි සභාපතිවරයා මහාචාර්ය සිරි හෙට්ටිගේ වීම නිසා වගකීම වඩා තීව්‍ර වෙයි.
ශිෂ්‍ය ව්‍යාපාරය යනු දේශපාලනිකව ඉතා සක්‍රිය එකක් වන අතර ශිෂ්‍ය අරගල යනු ලාංකීය සමාජයට නුහුරු දේ නොවේ. නිදහස් අධ්‍යාපනය මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යාමට ඓතිහාසිකව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සිදු කර ඇති දායකත්වය අතිවිශාලය.
ඒ ගැන ජනතා ගෞරවයක් ශිෂ්‍ය ව්‍යාපාරයට හිමි විය යුතු ය.
වර්තමාන ආන්ඩුව දැන ගත යුතු වන්නේ යහපාලනය යන වචනය වැඩි වාර ගනනක් ප්‍රකාශයට පත් කිරීමෙන් යහපාලනයක් ඇති වන්නේ නැති බව ය.
යහපාලනය යන්නට අර්ථයක් ලැබෙන්නේ එය ප්‍රජාතාන්ත්‍රික දේශාපාලන රාමුවක් තුළ භාවිතයක් බවට පත් කිරීමෙන් පමණ ය.
දැන් දැන් යහපාලනය යන වචනය පොදුජනයා අතර ජනප්‍රිය වෙමින් පවත්නා විහිළුවක් බවට පත් වී තිබීම අපට දනවන්නේ දේශපාලන අනතුරක සේයාවක් මිස කුරිරු සතුටක් නොවේ. මෙවැනි නින්දිත පහර දීමවලින් සිදු ‍වන්නේ දේශපාලන අනතුරක සේයාව පැහැදිලි දේශපාලන අනතුරක් බවට පත් වීම ය.

– අලුත් පරපුර
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල්ගෙන් ජනපතිට පිටු 6ක විශේෂ ලිපියක්

                    විමල්ගෙන් ජනපතිට පිටු 6ක විශේෂ ලිපියක්




ආරක්ෂක හමුදාවලට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් රජය විසින් නිසි ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යවා තිබේ.








තව කෙනෙකුට කියවන්න Share කරන්න

කරාටේ වසන්ත ඝාතනය ගැන , SF ඉරෝන් රණසිංහ කියන ආන්දෝලනාත්මක කතාව . video සහිතයි .

කරාටේ වසන්ත ඝාතනය ගැන , SF ඉරෝන් රණසිංහ කියන ආන්දෝලනාත්මක කතාව . video සහිතයි .



මට කරාටේ වසන්ත මරන්න ඕන උනේ නැ . අනුරාධපුර බුද්ධ බුමියේ තියන සමාජ ශාලාව විනාශ කරන්න ඕන උනේ . ඔහු කල පව් වලට ඔහුට එක පටිසන් දුන්නා . කරාටේ වසන්ත මරුන පුවත අහල අනුරාධපුරේ මිනිස්සු රතිඥා දැම්ම . එත් ඒවා මාධ්‍යයෙන් කිව්වේ නැ .




තව කෙනෙකුට කියවන්න Share කරන්න

කරාටේ වසන්ත ඝාතනය ගැන SF නිරෝන් රණසිංහ කියන ආන්දෝලනාත්මක වීඩියෝව .


කරාටේ වසන්ත ඝාතනය ගැන SF නිරෝන් රණසිංහ කියන ආන්දෝලනාත්මක වීඩියෝව .

මට ඕන උනේ ඔහු මරන්න නෙවෙයි . සමාජ ශාලාව විනාශ කරන්න .ඔහු අනුරාධපුර බුද්ධභුමියට කල විනාසේට පටිසන් දුන්නා . අනුරාධපුරේ මිනිස්සු කරාටේ වසන්ත මරුන කියල දැනගත්තම රතිඥා පත්තු කළා .එත් ඒවා මාධ්‍යයෙන් දුන්නේ නැ .






තව කෙනෙකුට කියවන්න Share කරන්න

sabato 31 ottobre 2015

සෝභිත හිමි ලෙඩවුණේ යහපාලනය ගැන කලකිරිලා.. හෙට මටත් එහෙම වෙයි.. – පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරනායක

සෝභිත හිමි ලෙඩවුණේ යහපාලනය ගැන කලකිරිලා.. හෙට මටත් එහෙම වෙයි.. – පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරනායක



සාධාරණ සමාජයක් සදහා වූ සමාජයේ කැදවුම්කරැ කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අසනීප වුණේ දැවැන්ත කලකිරීමකින් බව පුරවැසි බලය සංවිධානයේ සාමාජික සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසයි.

‘මං දකින්නේ සෝභිත හිමියන් අසනීප තත්ත්වයට වැටුනේ දැවැන්ත කලකිරීමක්. දැවැන්ත අපේක්ෂා භංගත්වයක් නිසා. අපි උන්වහන්සේ පෙරටුකොටගෙන හදන්න අපේක්ෂා කල සමාජයක් තිබුණා. ඒත් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන කොට අපි තවත් පාඩමක් ඉගෙන ගත්ත.

සෝභිත හිමිගේ වයස, අපේක්ෂා ඉෂ්ට නොවන තත්ත්වය නිසා උන් වහන්සේ රෝගාතුර වුණා වෙන්න පුළුවන්. උන්වහන්සේ මේ වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කළා. හෙට මට මේ තත්ත්වය වෙන්නත් පුළුවන්’
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඊජිප්තුවේ සිට රුසියාව බලා පියාසර කරන ලද ගුවන් යානයක් කඩා වටේ _ isiss ප්‍රහාරයක් දැයි සැකයක් .

ඊජිප්තුවේ සිට රුසියාව බලා පියාසර කරන ලද ගුවන් යානයක් කඩා වටේ _ isiss ප්‍රහාරයක් දැයි සැකයක් .




ඊජිප්තුවේ සිට රුසියාව බලා පියාසර කරන ලද යානයක් කඩා වැටේ .එහි මගින්  224 සිට ඇති අතර සියලු දෙනාම රුසියානුවන් බව සදහන් වේ . ඉජිප්තුවේ  sharm el - sheikh ,St pietroburgo   වලින් පිටත් වූ 321 Airbus ගුවන් යානය විනාඩි 20 කට පසු  මීටර් 9268   ඉහල අහසේ පියාසර කරමින් සිටයදී එරට වේලාවෙන් අද උදැසන 5.51 පමණ මෙම අනතුර පත්ව ඇත . මෙම යානය කඩා වැටුණු ස්ථානයේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ පුද්ගලයි නොමැති පාලු ස්ථානයකි .

මෙය isiss ප්‍රහාරයක් දැයි සැකයක් පවතින බව සදහන් වේ .  නමුත් ඊජිප්තු බලදාරින් පවසන්නේ යානයේ පැවතී කාර්මික දෝෂයක් බවත් , ඉතා ඉක්මණි ගොඩබස්වන ලෙස දැන්වූ බවත් සදහන් වේ .

කෙසේ නමුත් මේ වනවිට කළු පෙට්ටිය සොයාගෙන ඇත.
තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...