lunedì 9 agosto 2021

කොළඹ දරුවෙක්ගේ සිරුරින් අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට ඇවිත් දරුවා මියයයි news

 කොළඹ දරුවෙක්ගේ සිරුරින් අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට ඇවිත් දරුවා මියයයි

අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස 10ක් වයසැති කුඩා පිරිමි දරුවකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

දරුවාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය හමුවේ පැවැති සාක්ෂි විමසීමකදී මෙම සිද්ධිය අනාවරණය වි තිබෙනවා

කොකු පණු රෝගය ඉතා දරුණු ලෙස උත්සන්නවීම හේතුවෙන් එසේ මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ගැමුණු පටුමඟ ප්‍රදේශයේ පදිංචි දරුවන් හත් (7) දෙනකුගෙන් යුත් පවුලක මාස දහයක දරුවෙක්

ඉකුත් 05 වැනිදා පස්වරුවේ මෙම දරුවාගේ මුඛයෙන් අඩි 2ක් පමණ දිගැති පණුවකු පිටතට පැමිණෙනවා දුටු එම දරුවාගේ මව දරුවාව පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එම වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව දරුවාව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා

දරුවා රෝහල වෙත ගෙන යෑමත් සමග දරුවාගේ නාසයෙන් තවත් එවැනිම ආකාරයේ අඩි 2ක් පමණ දිගැති පණුවන් දෙදෙනකු පිටතට පැමිණ ඇති බවද ඒ මොහොතේම දරුවා මියගොස් ඇති බවද සාක්ෂිවලදී අනාවරණය වි තිබෙනවා ..

දරුවා මළපහ කරන විට මීට පෙරද ඔහුගේ ගුද මාර්ගයෙන් මෙවැනි දිගැති පණුවන් පිටතට පැමිණෙන අයුරු දුටු බවද දරුවාගේ මව හදිසි මරණ පරීක්ෂණයේදී ලබාදුන් සාක්ෂි මගින් හෙළිවී තිබෙනවා.

මෙම දරුවන් ඇතුළු පිරිස කුඩා නිවෙසක ජීවත්වීම, දැඩි අගහිඟතාවෙන් යුතුවීම,නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබානොදීම, මන්දපෝෂණය යන කරුණු කාරණා හේතුකොට ගෙන ඇතිවූ දරුණු කොකු පණු රෝගයක් හේතුවෙන් දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවද හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය හුරු පුරුදු දියුණුව තිබෙන කාලයක මෙන්ම උසස් සමාජ තත්ත්වයක් තිබෙන කාලයක අවුරුද්දකට අඩු දරුවකුගේ නාසයෙන්, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් අඩි 2ක් පමණ දිගැති කොකු පණුවන් පිටතට පැමිණීම ඇදහිය නොහැකි තත්ත්වයක් බවද මවුපියන් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවද කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය සිය හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

domenica 8 agosto 2021

පුතාගේ ඔන්ලයින් පන්තියෙන් තාත්තාට පෑදුණු පෙම් ලයින් එක

පුතාගේ ඔන්ලයින් පන්තියෙන් තාත්තාට පෑදුණු පෙම් ලයින් එක
 

පාසල් නොපැවැත්වීම නිසා දරුවන් ඉගෙනීම් කටයුතු කරන්නේ මාර්ගගත ක්‍රමය හරහායි.

දරුවාගේ “ඔන්ලයින්” පන්තියට සිග්නල් සොයා ගොස් රූමත් විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් පටන්ගැනීමට අවස්ථාව සලසා ගත් පියෙකු පිළිබඳ වූ පුවතක් වයඹ පළාතේ එක්තරා ගම්මානයකින් වාර්තාවේ.

දරුවා නගරයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් වන අතර පාසල් වසා ඇති නිසා මේ දිනවල ඔහුගේ පන්ති භාර ගුරුතුමිය “ඔන්ලයින්” හරහා ඉගැන්වීම් සිදුකරයි.

ඒ සඳහා සුදුසු ජංගම දුරකථනයක් දරුවාට මිලදීගෙන දුන්නත් අඛණ්ඩව පාඩම්වලට සම්බන්ධවීමට සිග්නල් නොමැතිවීම මව්පියන්ගේත්, දරුවාගේත් සිත් තැවුලට හේතුවූ අතර මෙය බොහොමයක් දිනවල දරුවාට ගුරුතුමියගේ පාඩම් අතපසු විමට හේතුව විය.

කෙසේ හෝ මීට ටික දිනකට පෙර දරුවා මව්පියන්ට දන්වා තිබුණේ යාබද ගමක තම පන්තියේ මිතුරෙකු සිටින බවත් ඔහුගේ නිවසට හොඳින් සිග්නල් ඇති නිසා ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධවීමට එහි එන ලෙස මිතුරා තමාට ආරාධනා කල බවත්ය.

මුලින් මුලින් දරුවාගේ පියා දරුවාගේ මිතුරාගේ නිවෙසට ඔහු රැගෙන යාමට අකමැති වුවත් විභාගයට වැඩි කාලයක් නොමැති නිසාත් බිරිඳගේ දැඩි පෙරැත්තය නිසාත් දරුවා එහි රැගෙන යාමට ඔහු එකඟ විය.

මුල් දින කීපයේදී ඉතා අමාරුවෙන් දරුවා එම නිවසට රැගෙන ගිය සැමියා පසුව ඉතා කැමැත්තෙන් හා සතුටින් පන්ති පැවැත්වෙන දිනවල දරුවා එහි රැගෙනයාම බිරිඳගේද සතුටට හේතු වූ අතර දරුවාද මිතුරාගේ නිවසට ගොස් අධ්‍යාපන කටයුතුවල යෙදුණේ ඉතා උනන්දුවෙනි.

පැය හතරක පහක කාලයක් පාඩම් ඇති දිනවලදී ඔහු දරුවා එම නිවසට ඇරලවා යළි තම නිවසට පැමිණ පාඩම් අවසන්වන වේලාවට ගොස් දරුවා කැටුව එයි. පැයක දෙකක පමණ කාලයක් පාඩම් ඇති දිනවල ඔහු පාඩම් අවසන්වන තෙක් එම නිවසේම රැඳී සිට දරුවා කැටුව එයි.

මීට දින කිහිපයකට පෙර දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණේ අසල ගමක ජීවත්වන ඔහුගේ මිතුරියකගෙනි.

 

“අක්කේ මම මේ කෝල් එකක් ගත්තේ අයියා ගැන කාරණාවක් කියන්න. මම දවස් දෙකක්ම දැක්කා අයියා කවුද ලස්සන ගෑනු කෙනෙක් එක්ක ටවුමේ ඉන්නවා.

එක දවසක් පළතුරු කඩයක් ඉස්සරහා ඉන්නවා දැක්කා. පොඩ්ඩක් හොයලා බලන්න.”

 

“ඔව් නංගි, මටත් අයියගේ ලොකු වෙනසක් දවස් කිහිපයක ඉඳලා දැනිලා තියෙනවා.

ඇඳුම් අඳින්නෙත් වෙනදා වගේ නෙමෙයි. දැන් ඇඳුම් අඳින්නේ හොඳට අයන් කරලා නීට් එකට.

හැමදාම රැවුල කපන්න අමතක කරන්නේ නෑ. මේ ළඟදි රුපියල් 1000 දීලා හොඳ සෙන්ට් එකකුත් අරගෙන.

අයියා පුතාව එක්කගෙන යනවා පුතාගේ යාළුවකුගෙ ගෙදරට ඔන්ලයින් පන්තිවලට.

ඒ යාළුවගේ තාත්තා ඉන්නෙ මැදපෙරදිග රටක. මම බලන්නම්කෝ.”

 

සැමියා තම දරුවා සමඟ පිටත්ව ගොස් පැයකට පමණ පසු ඇය සිය මිතුරිය ද සමඟ දරුවාගේ මිතුරාගේ නිවස සොයා ගියේ යතුරුපැදියෙනි.

යතුරු පැදිය නවතා නිවස දෙසට ගමන් කරමින් සිටින ඔවුන් දෙදෙනාට දැක ගැනීමට ලැබුණේ නිවස ඉදිරිපිට පුටුවක වාඩිවී කාන්තාවක සිටින අයුරුත් පිරිමියකු කාන්තාවගේ පාදවල තෙල් ආලේප කරන අයුරුත්ය.

තෙල් ආලේප කරමින් සිටින්නේ තම සැමියා බවට හඳුනා ගැනීමට ඇයට වැඩිවෙලාවක් ගත නොවිනි.

 

“අපි ආවේ මේ හොරේ අල්ලන්න තමා. අද ගෙදර එනවකෝ. අදින් පස්සේ දරුවාට ඔන්ලයින් පන්ති ඕනෑ නෑ. යමුකො ගෙදර මම හොඳ තෙලක් ගාන්න.”

 

යැයි කියමින් ඇය දරුවාද කැටුව මිතුරියද සමඟ එම ස්ථානයෙන් පිටත්ව ගියේ දත්මිටි සපමිනි.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

venerdì 6 agosto 2021

නර්ස් නෝනාගෙන් ඉස්කෝලේ නෝනාට ලියුමක්



ආදරණීය ඉස්කෝලේ නෝනා වෙත. අවුරුදු දෙකක් තිස්සේ උදේ රෑ මහන්සි වෙලා දැන් හොදටම මහන්සී. කෑම විනාඩි 15 ලැබුණු පුංචි විවේක වෙලාවේ තමයි මේ ලිපිය ලියන්න ඉදගත්තේ.

දයාබර ගුරු අම්මේ, අපිට ගොඩක් මහන්සී. දැන් අවුරුදු දෙකක්, අපේ ජීවිතේ මේ වයිරසයෙන් උදුරගෙන ඉවරයි. අපේ දරුවෝ ලොකු වෙනවා. උන්ව අපි දකින්නේ දවස් තුනකට වගේ වතාවක්. ඒ දවසටත් අපිට එයාලා ලගට යන්න බයයි. පැය විසි හතරම ඇහැට නොපෙනෙන වයිරසයක් එක්ක, ඉටි රෙදි ඔතාගෙන, දාඩිය පෙරාගෙන ඔට්ටු වෙලා අපි දවස් තුනකට හතරකට සැරයක් අපේ දරුවෝ, ස්වාමියෝ, දෙමව්පියෝ බලන්න එන්නෙත් හිතේ ගොඩක් බයෙන්. අපිට මොනදේ උනත්, අපේ දරුවො, අම්මලාට අපෙන් කරදරයක් වුනොත් අපි ජීවත් වෙලා මොකටද?

අපි අද මෙතන ඉන්නෙත් ඔබ වගේම ගුරු දෙවිවරුන් නිසා. කිසිම දාක ඒ දේ අමතක වෙන්නේ නෑ. අපි දන්නවා. ගුරුතුමියකගේ සේවය මිල කරන්න බෑ. ඔබට ප්‍රශ්න ඇති. ඒත් ඉල්ලීම් දිනාගන්න පොදි පිටින් පාරට බහින්න කලින්, 225 මට්ටු කරන්න කලින්, තව පොඩ්ඩක් අපි වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉවසන්න පුලුවනිද. මේක බැගෑපත්ව කරන ඉල්ලීමක්.

අපිටත් ආසයි ඉස්සර වගේ අපේ දරුවෝ එක්ක කාලේ ගත කරන්න. ගිය කාලේ රට වැහුවත්, ඔබලා ගෙවල් වල හිටියත්, අපි හිටියේ රෝහලේ, අපි හිටියේ ගිලන් රථයේ. අපේ දරුවෝ නිදාගත්තේ එයාලගෙ ආච්චිලා, සීයලා එක්ක. මේ ගෙවෙන්නේ අපේ දරුවොන්ගේ දරු සුරතල් බලන කාලේ. අපිත් නොදැනිම, අපි ලග නැතිව එයාලා ලොකු මහත් වෙනවා.

තවත් මේ දේ වැඩි උනොත් ඉස්සරහට අපිට ගෙදර එන්නම බැරි වෙයි. දැන් තත්ත්වය ගොඩක්ම බරපතලයි. රෝහල් පිරිලා. අපිට රෝහලේ ඉදලා ගෙදර අපේ දරුවන් ලගට යන්න බයයි. අනේ ගුරු අම්මේ. තව චුට්ටක් ඉවසන්න. ඔන්ලයින් එපා, වර්ජනේ කරන්න. කමක් නෑ. ඒත් ගෙදරට වෙලා ඉන්න. දරුවෝ ඉගෙන නොගත්තත්, උන් ජීවත් වෙලා හරි ඉන්න ඕනේ. අපිට උන් ලගට යන්න ඕන.

තව ටිකක් ඉවසන්න. 225ටම විරුද්ධව අපි පාරට බහිමු. පාර්ලිමේන්තුව උනත් බිමට පෙරලමු. එදාට අපිත් එන්නම් ඔබතුමීලා එක්ක. ඒත් දැනට. ටිකක් ඉවසන්න. ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.

අපිට ගොඩක් මහන්සී!
තෙරුවන් සරණයි!
මීට, ආදරණීය නර්ස් නෝනා…

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

mercoledì 16 settembre 2020

අධිබලැති පීඩන බෝම්බ ඇතුලු කොටි ආයුධ රැසක් හමු වෙයි… news



මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේදී ඉඩමක කොටි සංවිධානය විසින් වලදමා තිබූ අධිබලැති පීඩන බෝම්බ 3ක් සමග තවත් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගයක් අද හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි.

වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කිරීමේදී අදාල ආයුධ තොගය මතු වීමෙන් පසුව ඒ පිළිබඳය මුලතිව් පොලීසියට දැනුම් දී තිබුණි.

අනතුරුව එම ස්ථානයට ගිය මුලතිව් පොලීසිය විසින් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේද නියෝගයකට අනුව කැනීමක් සිදු කොට ආයුධ රැසක් ගොඩ ගනු ලැබීය.

එහිදී කිලෝ 15 ක බරින් යුත් අධිබලැති පීඩණ බෝම්බ 3ක්, සී.ෆෝ කිලෝ 5ක්, ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩ 7ක්, ඩෙටනේටර් 115 ක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ෆියුස් තොගයක්ද තිබී හමු වී ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට එල්ල කිරීම සඳහා අදාල බෝම්බ වලදමා තබන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කර සිටියි.

හමු වූ යුද උපකරණ තොගයන් මුලතිව් අධිකරණයේද නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බූරු ගැසූ ලග්ගල සභාවේ සභාපති අත්අඩංගුවේ.. මුදා හරින්නැයි බලපෑම්..

මාතලේ ලග්ගල ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු අට දෙනකු පොලිසිය විසින් අත්අඩංගු ඇත.

ඊයේ අලුයම 03.00ට පමණ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම හේතුවෙනි.

ඔවුන් සතුව තිබී රුපියල් විසිපන්දහසක පමණ මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් අයෙකු සතුව තිබී හෙරොයින් ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා එම ස්ථානයෙන් පලා යාමට සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීමට විවිධ බලපෑම් එල්ල කළද ඒ කිසිවකට එකඟ නොවී තිබේ.

ලග්ගල ප‍්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවයි.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

martedì 15 settembre 2020

පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ.

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව ඊයේ දිනයේ රැස් වී තිබේ.

එහිදී කෙටුම්පතේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට එකගතාවයට පැමිණ ඇත.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විඝණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වී ඇත.

ඒ අනුව නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව තිබේ.

ඉන්පසු හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එහි සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.




මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

lunedì 14 settembre 2020

20 අලුතෙන් කෙටුම්පත් කර ගැසට් කරන්නැයි ජනාධිපති කියයි sriavtvnetwork

20 අලුතෙන් කෙටුම්පත් කර ගැසට් කරන්නැයි ජනාධිපති කියයි.


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්තිත් ඊට අලුතින් ඇතුළත් විය යුතු වගන්තිත් සහිත නව කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර ඇත.

කොළඹ පැවති මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය සෙනසුරාදා පැවති සාකච්ඡාවකදීය තම සංවිධානය ඇතුළු ඊට එක් වූ පිරිස් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් විසිවන සංශෝධනය යනු තාවකාලික සංශෝධනයක් පමණක් බවත් එමඟින් සියල්ල නිවැරදි කිරීම බලාපොරොත්තු නොවන බවත් මෙමගින් රජය අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ඇති බාධා ඉවත් කිරීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟ වී ඇති බවත් ඒ නිසා නව කෙටුම්පතක් ගැසට් කිරීමට රජය ඉදිරිපත් වීම ගැන සතුටු වන බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...