ඔහු මාධ්‍ය ඉදිරියේ වචනයක් කතා කලත් මම නම් දැක්කෙ රටට ආදරය කරන අපූරු පෙරළි කාර චරිතයක් හැටියට. කෙනෙකු පෑන, තවෙකකු චතුර වූ කතන භාශාව, තවත් අය ගීත, රංගන,ආදී වූ කලාව අවියක් කරගෙන මේ සමාජය වෙනස් කිරීමට ,යහපත් දේ දීමට උත්සාහා කරනවා. මදු මාදව අරවිනද මහතාගේ මෙම ගීතය මා දකින්නෙ එවන් උත්සාහයක සාර්ථක ප්රථිඵලයක් ලෙසයි..
ගායකයෝ , රංගන ශිල්පීන් , අධ්‍යක්ෂකලා බොහෝ අවස්ථාවල තමන් කරන නිර්මාණ පිළිබද ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට හැකි සෑම අයුරින්ම ඔවුන්ගේ අදහස් විවිධ මාධ්‍ය හරහා සමාජ ගත කරනවා.. එහෙත් ප්‍රේක්ෂකයන් ලෙස රස වින්දනයක් , ඇගයීමක් පිළිබදව දැක්කා නම් ඒ සිංහල, කලා විෂය තුල රාමු ගත වූ ගීත ,කවි, කතා හැරුනාම ඉතාමත් අල්ප වූ අවස්ථාවන් පමණි. කාලිනව ගත්තද ඉදිරිපත් කරන ලද පෙරළිකාර සේයා රූ පිළිබදව , ඒ මෘදු වදන් පිළිබදව ප්‍රේක්ෂකයන් හැටියට අපිද කතා කල යුතු කාලයක් කියලා මම නම් විශ්වාස කරන්නේ..
ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඒ ගීතය මට ඇසුනේ ,රූ සටහන් දැක්කේ මිනිසුන් කාමුක වෙලා , ආදරය වෙනුවට රාගයෙන් පිරිලා google එහෙම නැත්තම් youtube කියන වචන තුල හිරවෙලා සිත් දූශනය කරගන්න ලක්ෂ , කෝටි ගනන් රූප රාමු පරදවලා අලුත් අද්දැකීමක් , අළුත් කතාවක්, පිඹිදුන අදහස් කෙටියෙන්ම කිව්වොත් දූශිත සමාජය වෙනස් කරන සැබෑ වෙනසක් එයින් දකින්න පුළුවන් නිසයි.
මම වින්ද ඒ මියුරු ගීතය නැරඹුවේ ඉතාමත් කුතුහලයෙන්. දෙවරක් බලන්න හිත යොමු වුනේ පළමු වර දකිද්දිම හිතේ ඇදුන ඒ රුප රාමු මා වෙනත්ම ලෝකයකට ගෙන ගිය නිසයි.
ඒ ඇයගේ පළමු පෙම විය හැකියි. ඔහුගේ පළමු පෙම විය හැකියි.. Room ගානේ ලගින ආදරයට වඩා ඒ ආදරය දෙදෙනාටම අමතක නොවන මතකයක් ව සුන්දර උනේ කාමුකත්වය වෙනුවට ස්වභාවික පරිසරය තුල වින්ද ප්‍රේමය පෙම්වතාගෙන් ලැබුන නිසා විය යුතුයි.
ජීවිතේ හැලැහැප්පිම් මතක් කරන රූප රාමු බිදී ගිය ආදරයෙන් පසු ඔහු ඒ අතීත මතකයෙන් ජීවත් වන බවත් ඇය ජීවිතය අලුතින් පටන්ගෙන ඇතත් පරන පෙම බිදී යාමෙන් පසු ඔහු එතෙක් දැක නැති බව නම් පැහැදිලියි. එයට හේතුව ඇය දනවාදී සමාජයකට කොටු වූ යෞවනියක්ද යන සැකය සිතන්නට ආරම්භයේදී ඇය, ස්වාමියා හෝ පෙම්වතා සමග පැමිනෙන රථය අපට පාර කියනවා.
අලුත විවාහයට පත් හැගීමක් ගෙන දෙන මේ යුවල ගීතය ඇසෙන මානයට යන්නට මත්තෙන් කාර් එකෙන් බැස අත් පටලා ගත් ඇය , ඔහු ඇයව වෙත ගිය වෙගය ඇය තුරුළු කරගත්තාද ඔහු වෙත ඇද තබා ගත්තාද සිතන්නට සිත පොළඹවයි. මන්ද එසේ ඔහු වෙත ඇද තබා ගන්නා ආදරය සහා තුරුල් කරගන්න ආදරය තුල දැනෙන වෙනසක් ඇති නිසාය.
ගීතයේ රස මිහිරියාවත් සමග හොටෙල් ශාලාව වෙත ඇතුල්වෙන ඇය දකින්නෙ ඇස් මවිතකරවන දසුනක් සේම ඇයඇය පරණ පෙම්වතා ගීතයේ මුල් පද පෙලෙන්ම "වෙන් කලේ ඔයාව නෑ හිතා මතාම..." වෙන් වුන දුක වේදනාවට සමාව අයදින්නට උත්සාහා කරනවාද හැගෙයි. ඔහුගේ ඉරියව් කෑ ගසා ලොටම ඇසෙන්නට කියන්න සිතෙන්නාක් මෙනි
ඇය වෙන කෙනෙකු වෙත ගිය බවක් ඔහු නොදන්නවා විය හැකි නමුත් හැමදාමත් ලංවෙලා ඉන්න පැතුව ආදරය නැතුව ඔහු මෙන් ඇයද සිතින් විදවන බවක් කියන්නේ ඒ වේදනාව පිට කරන සාම පරවියෙකුගේ ඉගිල යන්නාක් මෙන් ය.
"පෙම් කූඩුවේ අපි පාඩුවේ ඉන්නකොට එදා..." මල්න් සරසපු පුංචි බෝට්ටුවක තනිවෙලා වින්ද ආදය මතකයට නගා කියන බවක් හැගෙන්නට වාදනය අතරතුර අතීත මතකයට ප්‍රේක්ෂකයා ගෙනයයි. එහි ව්‍යංගාර්තය පිරි ඇත. මල් පිවිතුරු අදරය ගැන කිවාට සැකයක් නැත. එ තනිවුන ආදරය වැවක් මැද තනිවුන බෝට්ටුව වනවාටද කිසිදු සැකයක් නැත.
" දුරස් වෙලා පසු තැවෙන නිසා .." ඔහුගේ හෘදයාංගම සිත් තැවුලෙන් ගීය ගයද්දි ඔහුගේ මිතුරන් තුස්නින්භූත වන්නේ මේ ගීතයේ විරහවට හිමිකම් කියන ඇය හාස්කමක් ලෙස එතනට පැමිනෙන නිසා විය යුතුය.
" හිතුවේ නෑ වෙන් උනොත් දුක් දැනෙයි කියා"... ඇය දෙස බලාගෙන , ඇය පැමින ඇති බව දැක ගයනවාක් මෙන් ගීතය මනා ලෙස ඇයට දැනෙන්නට හසුරුවයි. ඇය සැබවින්ම පසු තැවෙන බව අප දකින්නේ එවිටය.
රූප රාමු තුල මිතුරන්ගේ පසු තැවීම සුසුස්මකින් හිත නිදහස් කර ගැනීම, ඔහු ජලයට වැටිමෙන් පසු නැගෙන මතකයන් සමග කීප වරක්ම වැටෙන්නට යාම /වැටෙන්නට යාම තුලින් පළමු වර දකින්නෙකු කුතුහලයක් දනවන්නේ කුමක් සදහාද යන්න ප්‍රේක්ෂකයාට හැගෙන්නට කාලය ලබාදෙමින්ය.
වාදනය අතර තුර ව්‍යංගාර්තය පිරී ඇත. ඒ නිදහස් ආදරය විදින්නේ ආදරයේ එක් සංකේතයක් වන මුදුවක අතැගිලි පටලවා ගන්න නිම් හිම් නැති සතුට තුළින් ඔවුන් ඔවුන්ගේම ලෝකය කරගෙනය ජිවත් වෙන රූප රාමු මතකයන් අවදි කරමිනි..
මෙහිදී ආදරයේ බිදුනු තැන් අපට කියන්නේ ආදරයේ මල් පොකුරු ඇය අති ගිලිහෙන තැන දැකීමෙනි..
තවත් අපට කුතුහලයක් ඉතිරි කරන්නේ බීම වීදුරුවක් අතට ගන්නෙ කවුරුන්ද , ඒ ඇයි ද යන්නය.
හිතන්න අවසන් වෙනකල් බලන්නම ඕන..
"ඉමුකියා තව ලංවෙලා - කීවේ ඔබම නේද
ඉතින් මෙසේ දුරස් උනේ - ඇයිද කියනවාද.."
ඇයට ආදරයෙන් ඉන්න දැඩි උවමනාවක් තිබුන බව මේ පද පේලියෙන් මනාව හැගෙයි. හැරගියේ ඇයිදයි ඔහු තවමත් තේරුම් ගැනීමට උත්සාහා කරයි..
මේ පද පේලි අතර ඇයට මතක් වෙන අතීතයෙන් ඇය ඒ ආදරය අමතක කරන්න මෙන් ආයාසයකින් මවාගත් ආදරයකින් ඇයගේ සැමියාගේ කනට පිඹින්නේ අතීත මතකය ආවර්ජනය වීමත් සමගය. ඔහුගේ යහළුවන් ඇගේ සැමියා හදුනා ගැනීම , වචන කිහිපයක් හෝ දොඩමලු වීම , ඇය ආයාසයකින් ඔහු සමග ආදරයෙන් ඉන්නා බව පෙන්වීමට ගන්නා උත්සාහයක් මනා ලෙස පිළිබිඹු වේ.
වේදිකාවෙන් බැස එන ඔහුගේ කනට කර මිතුරා කියන්නෙ කුමක් දැයි සිතන්නට අපහසු නැත.
මුළු ලෝකයම දෙපා මුල කඩා වැටෙන්නේ ඔහු වේදිකාවෙන් බැස ඇය සොයා පියමන් කරන මොහොතේ ඇය ඔහු දැකීමෙන්ය. ඇය සැමියාගේ තුරුලේ සිටියද සිත නම් පරන පෙම්වතා ලගය .. කෑගසා හඩන්නට බැරි වේදනාවෙන් ඇය විදවන්නේ ඔහු අන්ද වී ඇති බව දැකීමෙනි..
ඔහු අන්ද වූයේ කෙසේද? ඔහු ජලාසයට වැටෙන්නට පෙර දෑස් වල ලේ ගලනු දුටුවේ ආවේග ශීලී ඇය අතින් අතට හසු උන වීදුරුව ඔහුගේ දෑස් අන්ද කලාද? ඇය සිතන්නීය. ඒ වින්ද ආදරය දැන ඇය විදවන්නීය.. ඔවුගේ ආදරයට නැවතීමේ තිත ත්බා ඇත්තෙ එම අනතුරෙන් පසුය. යන නිගමනය මට හැගෙන්නේය.
එදා විශාරද නන්දාමාලනී මහත්මිය ගැයු "ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචිංත්යයි පාරිශුද්යයි සුරම්යයි.. " ගීතයට සාදාරණයක් ඉටු වුයේ අද දැයි මට හැගේ
වීඩියෝ එක පුරාවට හිස් තැන් නැත. සැම ඉරියව්වක්ම කුතු හලය දන වන සුුලුයි. පිවිතුරු ආදරය, ප්‍රේමාන්විත ශෘංගාරා රසය සැබවින්ම වින්දේය. ශෝකය දනවදන කරුණා රසය වින්දේය . සැබෑ ආදරය නොලැබේ යන බිය නොතිබුනා නොවේ . වේදනාවෙන් පිරි සිතෙහි විර්‍ය් , විශ්මය කැටි වු අද්භුත ආදි රසයෙන්ද රස මුසු වු සුන්දර ගිතයකි. ඒ රස වින්දනය ඔබට එකකි මට තව එකකි ... අන්න ඒ නිසා මෙය පද සමග රූප රාමුත් බලන්නම වෙනවා. ඔබද මා මෙන් රසින්දනයේ යෙදෙන්නැයි ඇරයුම් කරමි. එය ප්‍රේක්ෂක අපගේ යුතු කම හා වගකීම සේම ඔවූන්ට දිරියක් වනු නො අනු මානයි.
ගීතය බලන්න :- https://youtu.be/qOP7EEgzyoI
ඔබ ගීත රස විදින්නෙක් නම් මේ ගැන මොහොතක් සිතන්න ඇරයුම් කරනවා. අද සමාජයේ තාරුණ්‍යයේ බේක් නැති හිතට පැට්ව් ගහන අසීමිත කාමුක රූප අමු අමුවේ ප්රදශනය වෙද්දි හදවතට කිදා බහින සැබෑ ආදරයේ ශෘංගාරාය නොවටිද?
සංස්කෘතිය වනසවන ගීත හතු පිපෙන්නක් මෙන් නිර්මාන වෙද්දි ඒවා විවෙචනයට යාමෙන් පවා සිදු වන්නෙ නරඹන ප්‍රමානය වැඩි වීමක් පමණි. සදාචාරයට රකිමින් නොදැක්කා සේ සිටීමම සමාජයෙන් යට යැමට හේතුවනු ඇත. එම නිසා මොහොතක් සිතන්න.
දිගු කතාවක් විනාඩි 4.09කින් කියන්න වචන රූප මොන තරම් සාදාරණිය කලාද? ඉතින් කලකට පසුව හෝ මෙවන් ගීතයක් ප්‍රෙක්ෂක අපවෙත ගෙනාවට මේ ගීතයට සාදාරණය ඉශ්ඨ කරමින් දායක උන සියළුම දෙනාට ස්තූති වන්ත වෙමින් රස විදිය යුතු නොවෙද?
සටහන -Dissa.
තව කෙනෙකුට කියවන්න Share කරන්න