sabato 23 giugno 2018

ශ්‍රී ලංකාවේ FCIDය නීති විරෝධියි.... ජාත්‍යන්තර නීතිඥයින් සනාථ කරයි.

ශ්‍රී ලංකාවේ FCIDය නීති විරෝධියි.... ජාත්‍යන්තර නීතිඥයින් සනාථ කරයි.

    මහා බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ නීති විශාරදයෙකු වන රැජින නීතීඥ (Queen’s Counsel) ස්ටීවන් හාර්වී මහතා, සිය විශේෂ මතයෙන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මූල්ය වංචා විමර්ශන අංශය (FCID ආයතනය) පිහිටුවා ඇත්තේ නෛතික බලය ඉක්මවා යෑමෙන් නිසා, එම දෙපාර්තමේන්තුවට නීත්යානුකුල පැවැත්මක් නොමැති බවය.

තවද, FCID ආයතනයට කිසිදු පැමිණිල්ලක් විභාග කිරීමට බලයක් නැති බවද ඔහු ප්‍රකාශකොට ඇත. එපමණක් නොව, දේශපාලකයින් විසින් එම ආයතනයට ලබා දී ඇති පැමිණිලි විභාග කිරීම සදහා එහි නිලධාරීන් අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටිය ද නීති විරෝධී යැයි හාර්වී මහතා පෙන්වා දි ඇත.
   මෙම තත්වය ඔස්සේ, ඉකුත් වසර 3කට අධික කාලයක් තුළ FCID ආයතනය විසින් පවත්වාගෙන යන ලද කටයුතු සහ ඒවා මෙහෙයවනු ලැබූ පුද්ගලයන් සිදුකොට ඇති කටයුතු සම්පූර්ණයෙන්ම නීති විරෝධී ඒවා බවද, එම ක්‍රියා සදහා ඔවුන් වගකිව ඇති යුතු බවද හාර්වී මහතාගේ මතය මඟින් සනාථව වී ඇත.
  මෙම නීතිමය මතයෙන් පලවී ඇති ආකාරයට මෙවන් නීති විරෝධී ක්‍රියාවල යෙදී ඇති සියලුම නිලධාරීන් සහ දේශපාලඥයන්ට ඉදිරියේදී දැවැන්ත නීතිමය ප්‍රශ්න සහ අර්බුධ වලට මුහුණ දෙන්නට සිදුවනු නොඅනුමාන බවද, හාර්වී මහතාගේ මතය විග්‍රහ කොට ඇති ශ්‍රී ලාංකික නීති විශාරදයන් පෙන්වා දී ඇත.
               ________________________________________
මෙය නීතියේ පමණක් නොව සාධාරණ යුක්තියටද පටහැනි අවලම් ආයතනයක් බවත් එයට පදනමක් නැති පලිගැනීම මුල් කරගත් දඩබලු ආයතනයක් බව අප විසින් ද පෙන්වා දී ඇත.
වෙනස අප විශාරදයන් නොවීම යි. තව කෙනෙකුට කියවන්න Share කරන්න

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක්

කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ඉල්ලා FR පෙත්සමක් කිසිදු අධ්‍යයනයකින් තොරව රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින...